Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් ශූරයා මහින්දයේ අදීෂ

චෙස් ශූරයා මහින්දයේ අදීෂ

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් ප‍්‍රවීණ චෙස් ක‍්‍රීඩා උපදේශක ශිහාන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාල්ල  ඕල්කට් විද්‍යාලයේ පැවැති දකුණු පළාත් විවෘත ආධුනික චෙස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ ආකාශ් අදීෂ සමත් විය.

දකුණු පළාතේ ආධුනික චෙස් ක‍්‍රීඩකයන් 144 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරතාව මෙන්ම අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ගාල්ල මහින්ද විද්‍යාලයේ ක‍්‍රීඩකයන් තිදෙනකුට හිමිවීම විශේෂයෙන්ම කැපී පෙනේ.

එම තරගාවලියේදී ගාල්ල මහින්ද විද්‍යාලයේ ඩබ්ලිව්.එච්. දිල්හාරට අනුශූරතාව ද, එම විද්‍යාලයේම සී.ආර්. ගුණවර්ධනට තෙවැනි ස්ථානය ද හිමිවිය.

තරගාවලියේදී     ක‍්‍රීඩකයන් තිදෙනාම තරගවට හතේදීම ලකුණු හය බැගින් ලබාගෙන සම ශූරයන්වූ අතර එහෙත් අවසාන ගණනයට අනුව ආකාශ් අදීෂට ශූරතාවත්, ඩබ්ලිව්.එච්. දිල්හාරට අනුශූරතාවත් සී.ආර්. ගුණවර්ධනට තෙවැනි ස්ථානයත් හිමි විය.

මෙම ක‍්‍රීඩකයෝ් තිදෙනාම සමස්ත ලංකා චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූහ.

●●


අදහස් (0)

චෙස් ශූරයා මහින්දයේ අදීෂ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.