එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පැවැත්වෙන බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගි වීම සඳහා 21 දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම අද (23) අලුයම 4.55ට පමණ දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලිය හෙට (24 වැනිදා) සිට 30 වැනිදා දක්වා පැවැත්වේ.
එම සංචාරයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 19ක්, නිලධාරියෙක් හා නිලධාරිණියක් ඇතුළත් වූහ.
සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම
චෙහාන් වීරසිංහ (සිල්වෙස්ටර් විද්‍යාලය - මොරටුව), ශාලිත තිලකරත්න (මලියදේව පිරිමි විද්‍යාලය - කුරුණෑගල), මිනුල් දොළුවීර (රාජකීය විද්‍යාලය - කොළඹ), එම්. සසිත් නිපුන් පියුමන්ත (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ), එම්. නිසල් මංජිත් පියුමන්ත (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ), ටී.ඩී. වික්‍රමරත්න (රිච්මන්ඞ් විද්‍යාලය - ගාල්ල), යදීෂ දිසානායක (ලීඞ්ස් ජාත්‍යන්තර පාසල - මතුගම), සෙනිල ගුණරත්න (ආනන්ද විද්‍යාලය - කොළඹ), දිසර තෙන්නකෝන් (ධර්මරාජ විද්‍යාලය - මහනුවර), නෙළුනිකා මෙත්මානි (විශාඛා විද්‍යාලය - කොළඹ), දසුනි හංසිකා මෙන්ඩිස් (විශාඛා විද්‍යාලය - කොළඹ), නික්ලේෂා තරුෂි (විශාඛා විද්‍යාලය - කොළඹ), පෙවින්‍යා පීරිස් (විශාඛා විද්‍යාලය - කොළඹ), ඒෂා පල්ලේ (විශාඛා විද්‍යාලය - කොළඹ), ඉෂිනි වික්‍රමසිංහ (මියුසියස් බාලිකා විද්‍යාලය - කොළඹ), තෙහාරා ගලගෙදර (මියුසියස් බාලිකා විද්‍යාලය - කොළඹ), සචින්තා කොඩිකාර (මිචිලි විද්‍යාලය - කොළඹ), නිරාදි එදිරිසිංහ (මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල), මිනින් බිමල්මා (විහාරමහාදේවි බාලිකා විද්‍යාලය - කිරිබත්ගොඩ)
සුමල් හොරවලවිතාන මහතා ශ්‍රී ලංකා කණ්ඩායම භාර නිලධාරියා ලෙස ද රෝහිණී වසන්තා ලියනගේ (සේවාමුක්ත කඳවුර විද්‍යාලය - පොළොන්නරුව) කාන්තා නිලධාරිනිය ලෙස ද කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.