Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චාමිකගේ පිතිහරඹය එන්.සී.සී. දිනවයි
අන්තර් සමාජ ක්‍රිකට්

චාමිකගේ පිතිහරඹය එන්.සී.සී. දිනවයි

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (1 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී. ක්‍රීඩකයෝ ඕවර 33.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස ඉතා අනර්ඝ පිතිහරඹයක නිරත වූ නායක චාමික කරුණාරත්න පන්දු 72 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 86 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.  

විනුක රූබසිංහ (නොදැවී 36) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 121 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද චාමික සමත් වූ අතර පන්දු 58 කදී වාර්තා වූ විනුකගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් රැස්කරමින් එස්.සී.සී. කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් කණ්ඩායමට අෂින් ඩැනියෙල් ප්‍රමුඛ එන්.සී.සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි. එහිදී අෂීන් ලකුණු 39 කඩුලු 3 ක් දවාගත් අතර රනුක මල්ලවාරච්චි ලකුණු 40 කට කඩුලු 2 ක් බිඳහෙළීය. 


ද්‍රවිඩ සංගම් පිල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 198 
(මිනෝද් භානුක 17, මොහොමඩ් ශමාෂ් 22, ශාරුජන් ශන්මුගනාදන් 22, සචිත ජයතිලක 53, විජයකාන්ත් වියස්කාන්ත් 34, අෂීන් ඩැනියෙල් 39/3, රනුක මල්ලවාරච්චි 40/2) 

එන්.සී.සී. පිල - ඕවර 33.4 කදී කඩුලු 5 ක් දැවී 199 
(නිරෝෂන් දික්වැල්ල 49, විනුක රූබසිංහ නොදැවී 36, චාමික කරුණාරත්න නොදැවී 86, තරිඳු රත්නායක 50/3, විජයකාන්ත් වියස්කාන්ත් 52/2) 


අදහස් (0)

චාමිකගේ පිතිහරඹය එන්.සී.සී. දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.