Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චමෝද් - දිනේෂා සුපිරි ඉසව් ජයගනිති

චමෝද් - දිනේෂා සුපිරි ඉසව් ජයගනිති

editorial - 2023 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පුත්තලමේ දී නිමාවට පත්වූ ජාතික ශූරතා පාපැදි තරගමාලාවේ පිරිමි සුපිරි ඉසව්වේ ජය පළපුරුදු ධාවකයකු වන චමෝද් ද සිල්වාට හිමි විය. එහි කාන්තා ඉසව්වේ ජය හිමිවූයේ දිනේෂා දිල්රුක්ෂිටය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය පුත්තලමේදී මෙවර සංවිධානය කළ ජාතික ශූරතා පාපැදි තරගමාලාවේ ප්‍රධානතම ඉසව්ව ලෙස පැවති සුපිරි පිරිමි තරගයේ දුර වූයේ කිලෝමීටර් 150කි. කිලෝමීටර් 45.2ක අගයක් ගත් කාන්තා ඉසව්ව සඳහා ක්‍රීඩිකාවෝ 23 දෙනෙකු සහභාගි වූහ.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ජයග්‍රාහි චමෝද් ද සිල්වා සුපිරි පිරිමි තරගයේ කිලෝමීටර් 150ක දුර ගෙවීමට ගත කළ කාලය පැය 3 විනාඩි 40 තත්පර 24කි.

ඒ එකම පොකුරකට පැමිණෙමින් එකට නිමි කාලයක් වාර්තා කළ තරගකරුවන් හයදෙනකු අතරිනි. මීට ඉදිරිපත් වූ මුළු තරගකරුවන් ගණන 44කි. චමෝද් ජාතික මට්ටමේ පාපැදි ඉසව්වක් ජය ගත්තේ වසර කිහිපයකට පසුවය. මෙහිදී ධාවකයන්ගේ වේගයේ සාමාන්‍ය අගය පැයට කිලෝමීටර් 40.96ක් ගත්තේය.

මේ අතර හත් දෙනකු සමග එකම පොකුරේ සුපිරි (කාන්තා) තරගය නිමා කළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ජයග්‍රාහී දිනේෂා දිල්රුක්ෂි ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය පැය 1 විනාඩි 20 තත්පර 14කි. හත් වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවෝ මෙම යට නිමි කාලය වාර්තා කරමින් තරගය අවසන් කිරීමට සමත් වූහ.

දිවයිනේ දිස්ත්‍රික්ක 13ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර ජාතික පාපැදි ශූරතා තරගාවලියට සහභාගි වී සිටියහ. එහිදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම තරගකරුවෝ හා තරගකාරියෝ පිරිසක් (16ක්) සහභාගි වූහ.

පුත්තලම වෙරළ උද්‍යාන අසළින් ආරම්භ වූ සුපිරි (පිරිමි) ඉසව්ව අනුරාධපුර හංදිය, ගල්කුලම, 103 කණුව, තෝනිගල හංදිය, ආනමඩුව, මොන්නෑකුලම, කණුකැටිය, කොටවෙහෙර, නිකවැරටිය, මුදලක්කුලිය පල්ලම, වෙහෙරබැඳිකැලේ, බංගදෙණිය, ආරච්චිකට්ටුව හා  හලාවත නෙල්අඩිය හරහා වට මාර්ගයක් ඔස්සේ ආරම්භක ස්ථානයෙන් තරගය නිමාවට පත් විය.

සුපිරි කාන්තා ඉසව්ව පුත්තලම වෙරළ උද්‍යානය අසලින් අරඹා අනුරාධපුරය හංදිය, කල්අඩිය, පාලවිය හරහා පැවැත්විණි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා පැවසුවේ ස්ථාපිත කෙරෙන ජාතික කාන්තා හා පිරිමි පාපැදි සංචිත සඳහා ජාතික තරගමාලාවේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවයන් ලැබෙන බවයි. පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සුපිරි තරග ඉසව්වට සහභාගිවීමේ අවස්ථාව හිමි විය. එහිදී දිවයිනේ නම ගිය පාපැදි ශූරයන් හා ශූරියන් රැසක් තරග වැදුණි.

 

ජාතික පාපැදි තරග මාලාවේ සුපිරි තරග ඉසව්වේ ප්‍රතිඵල

පිරිමි ඉසව්ව (ක්‍ිලෝමීටර් 150) 1. චමෝද් ද සිල්වා (ගම්පහ පැය 3 විනාඩි 40 තත්පර 24), 2. තිරාන් පසිඳු (ගම්පහ) 3.40.24), 3. අෂේන් තරුල (ගම්පහ 3.40.24), 4. කසුන් නිමේෂ් (ගම්පහ – 3.40.24), 5. බුද්ධික වර්ණකුලසූරිය (කුරුණෑගල්‍ 3.40.24), 6. සඳරුවන් පින්තෝ (පුත්තලම 3.40.24), 7. ඩේන් නුගේරා (ගම්පහ – 3.40.53), 8. කේ.එස්. කුමාර (ගාල්ල 3.40.53), 9. තුෂාන් රාජපක්ෂ (කළුතර 3.40.53), 10. පැතුම් සම්පත් (පොලොන්නරුව 3.42.06)

කාන්තා ඉසව්ව (කිලෝමීටර 45.2)

1. දිනේෂා දිල්රුක්ෂි (පුත්තලම - පැය 1 විනාඩි 20 තත්පර 14) 2. පංචලී සුලෝචනා (ගම්පහ 1.20.14), 3. ඈන් ෂෙනාලි (ගම්පහ 1.20. 14), 4. මධුමාලි ප්‍රනාන්දු පුත්තලම - 1.20.14) 5. සුධාරිකා ප්‍රියදර්ශනී (කුරුණෑගල 1.20.14) 6. ආක්ෂා සඳමිණි. (ගම්පහ 1.20.14) 7. ආර්.බී.එන්.ඩබ්ලිව්. රාජපක්ෂ (1.20.14) 8 යූ.එන්. කුමාරසිංහ (අනුරාධපුරය 1.26.05), 9. එස්.එච්. සෙනවිරත්න (අනුරාධපුරය 1.26.05), 10. නිමේෂා දිල්රුක්ෂි (මොනරාගල 1.26.05)


අදහස් (0)

චමෝද් - දිනේෂා සුපිරි ඉසව් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.