Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චමිඳු වික්‍රමසිංහට පිටකොන්දේ ආබාධයක්

චමිඳු වික්‍රමසිංහට පිටකොන්දේ ආබාධයක්

යොහාන් භාසුර - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වූ තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ආබාධයකට ලක්ව සිටීම නිසා යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔහුට අහිමිවීමේ අවදානමක් ඇති වී තිබෙන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ කළමනාකරු ෆර්විස් මහරුෆ් මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ චමිඳු පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති බවත් දැනට තිබෙන තත්ත්වය අනුව චමිඳුට ලෝක කුසලාන තරගාවලිය අහිවීමේ වැඩි ඉඩක් ඇති බවයි.

දකුණතින් වේග පන්දු යවන්නකු සහ වමත් ආරම්භක පිතිකරුවකු වන චමිඳු පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ තරග දෙකකට ක්‍රීඩා කළ ද සැළකිය යුතු දස්කම් දැක්වීමට අපොහොසත් විය. චමිඳු වික්‍රමසිංහගෙන් හිස්වූ ස්ථානයට තවත් දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අවිෂ්ක තරිඳු ලෝක කුසලාන සංචිතයට කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
 
අන්තර්ජාතික ක්‍රිකට් සභාව වසර දෙකකට වරක් සංවිධානය කරන වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි මස 17 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වේ.

රටවල් 16 ක් සහභාගි වන මෙම තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නවසීලන්තය, ඉන්දියාව සහ ජපානය ඇතුළත් ‘ඒ’ කාණ්ඩයේ තරග කරයි. එහිදී ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ඉන්දීය පිලට එරෙහිව ජනවාරි මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය.  

 


අදහස් (0)

චමිඳු වික්‍රමසිංහට පිටකොන්දේ ආබාධයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.