Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චමිල් - බි‍්‍රන්ඩ්ලි කැරම් ශූරතා දිනති

චමිල් - බි‍්‍රන්ඩ්ලි කැරම් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 16 වැනි ‘සභාපති කුසලාන’ කැරම් තරගාවලියේදී පිරිමි යුගළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට චමිල් කුරේ සහ බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ සමත්වුහ. චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ කාන්තා යුගල ඉසව්වේ ශූරතාව දිනාගත්හ. මෙම මස 29 වැනිදා තෙක් සති අන්තයේදී තරග පැවැත්වෙයි.

මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා යුගල ඉසව් දෙකේ පමණක් අවසන් තරග මෙලෙස පැවැත්විණ.

පිරිමි සහ කාන්තා කේවල, යුගල ඉසව් යටතේ මෙම තරගාවලිය කොහුවල ශ්‍රී ලංකා කැරම් සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. පිරිමි යුගළ ඉසව්වේ අවසන් තරගයේදී චමිල් කුරේ සහ බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ විසින් චරිත් මධුෂංක සහ එම්. ෂෙරිෆ්ඞීන් තරග වට 2-0 කින් (25/7, 25/8) පරාජය කරන ලදී. ජෝශප් රොසිටා සහ ජෝශප් දිල්කා සොහොයුරියන් තරග වට 2-0 (25/23, 25/10) කින් පරදා චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ කාන්තා යුගළ ඉසව්ව ජය ලැබුහ.

ඞී. එන්. ප‍්‍රනාන්දු සහ තරංග කැලූම් පිරිමි යුගළ ඉසව්වේ තෙවැනි ස්ථානය ද, තරුෂි හිමහංසිකා සහ සදිනි නිරාශා කාන්තා යුගල ඉසව්වේ තෙවැනි ස්ථානය ද හිමිකර ගත්හ.

 

 

 

 

 

 

 

 

 

 

 

පිරිමි යුගල ඉසව්වේ ශූරතාව දිනා ගත්චමිල් කුරේ සහ බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ (මැද) සහ එහි අනුශූරතා දිනාගත් චරිත් මධුෂංක සහ එම්. ෂෙරිෆ්ඞීන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාන්තා යුගල ඉසව්වේ ශූරතාව දිනාගත් චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ (මැද) සහ එහි අනුශූරතාව හිමි කරගත් ජෝශප් රොසිටා සහ ජෝශප් දිල්කා
 

 


අදහස් (0)

චමිල් - බි‍්‍රන්ඩ්ලි කැරම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.