Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත්විය.
මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට කඩුලු 2 කින් පරාජය කරන ලදි. මෙවර තරගාවලියේ පළමු ශතකලාභියා වූ චනුල් කොඩිතුවක්කු මෙම තරගයේදීත් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 70ක් රැස් කළේය.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය - ඕවර 36 කදී 125 යි
(නිතිල් හේරත් 34, අනුජ දිසානායක 25, කණිෂ්ක දහනායක 20/3, සෙනිත අලහකෝන් 22/3, තුෂාන් බණ්ඩාර 12/2)
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය - ඕවර 42.5 කදී කඩුලු 8 ක් දැවී 129 යි
(චනුල් කොඩිතුවක්කු 70, ගමිඳු වික්‍රමසිංහ 43, සකුණ ද සිල්වා 03/2, අනුජ දිසානායක 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.