Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චන්ද්‍රිකාට රිදී පදක්කමක්

චන්ද්‍රිකාට රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ කොචින් නගරයේදී පැවැති ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියේදී අවුරුදු 40 න් ඉහළ වයස් කාණ්ඩයේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ද සිල්වා සමත් වූවාය.

අවසන් මහ තරගයේදී ලෝක ග්‍රේණිගත කිරීම්හි 98 වැනි ස්ථානයේ පසුවන ජර්මානු ක්‍රීඩිකා ක්ලවුඩියා වොගෙල්සැන්ග් හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජය වීම නිසා ඇයට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය.

විනාඩි 40 ක් පුරා පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 21/16 ක් ලෙස ජයගැනීමට චන්ද්‍රිකා සමත් වුවද, ලකුණු 21/10 ක් ලෙස දෙවැනි වටය ජයගැනීමට වොගෙල්සැන්ග් සමත් වීමත් සමග තරගය සම තත්ත්වයට පත්විය. කෙසේ වුවත් දෙදෙනාටම තීරණාත්මක වූ තෙවැනි වටය ලකුණු 21/14 ක් ලෙස ජයගත් වොගෙල්සැන්ග්, සමස්ත තරගයේ ජය 2-1 ක් ලෙස තමන් සතු කරගත්තාය.

අර්ධ අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස (21/4, 21/15) ඉන්දුනීසානු ක්‍රීඩිකා එලිසබෙත් තාඩ්‍රෝ පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් චන්ද්‍රිකා, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී එංගලන්තයේ රෙබේකා පැන්ටනි හමුවේ නිතරග ජයක් ලබාගනිමිනි.

වසර 2 කට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මේ වසරේදී රටවල් 37 ක් සහභාගි වූ අතර මීලග තරගාවලිය 2019 වසරේදී පැවැත්වීමට නියමිතය.

 

- 036

 


අදහස් (0)

චන්ද්‍රිකාට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.