Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චතුර - දේශිකා ද්විත්ව ශූරතා දිනාගනිති

චතුර - දේශිකා ද්විත්ව ශූරතා දිනාගනිති

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිංපොං මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ ද්විත්ව ශූරතා දිනාගත් කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ චතුර මධුවන්ත දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේය. දක්ෂතම කී‍්‍රඩිකාව වූ අනුරාධපුර මැදි විදුහලේ ජී. ඩබ්ලිව්. එන්. දේෂිකාද ද්විත්ව ශුරතා දිනාගත්තාය.

වයස 21 න් පහළ සහ වයස 18 න් පහළ බාලක ශූරතා දිනාගනිමින් චතුර මධුවන්ත තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත් වූයේය. ජී. ඩබ්ලිව්. එන්. දේෂිකා දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත් වූයේ වයස 21 න් පහළ සහ වයස 18 න් පහළ බාලිකා ශූරතා දිනාගනිමිනි.

වයස 12 න් පහළ බාලක ශූරතාව සහ 15 න් පහළ බාලක අනු ශූරතාව දිනාගත් කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ බෝමිර වීරසිංහ තරගාවලියේ නැගී එන කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. වයස 12 න් පහළ බාලිකා ශූරතාව දිනාගත් අනුරාධපුර ස්වර්ණපාලි විදුහලේ නෙත්මි ඉමාෂා, 10 න් පහළ බාලිකා අනු ශූරතාවද හිමිකරගනිමින් තරගාවලියේ නැගී එන කී‍්‍රඩිකාව බවට පත්වූවාය.

අනුරාධපුර ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගී වූහ.

බාලක තරග ප‍්‍රතිඵල

වයස 8 න් පහළ
අකිඳු රන්තුල (කොළඹ ඉසිපතන විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිනාල් ගමගේ (අනුරාධපුර ශාන්ත ජෝෂප් විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/07)

වයස 10 න් පහළ
තිනුක කෙනුල (මහරගම රෝයල් ඉන්ස්ටිටියුට් ජ්‍යාතන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස සවන් ඉඳුවර (කොළඹ ලූම්බිණි විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/07)

වයස 12 න් පහළ
බෝමිර වීරසිංහ (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තරුෂ නිම්සර (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/05)

වයස 15 න් පහළ
කේ. ඞී. එම්. කිරිවත්තුඩුව (අනුරාධපුර ශාන්ත ජෝෂප් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස බෝමිර වීරසිංහ (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/07)

වයස 18 න් පහළ
චතුර මධුවන්ත (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) විසින් තරග වට 2-x0 ක් ලෙස සී. ඉන්ද්‍රජිත් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/09)

වයස 21 න් පහළ
චතුර මධුවන්ත (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දිවාකර මොහොට්ටි (අනුරාධපුර මැදි විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08)

බාලිකා තරග ප‍්‍රතිඵල

වයස 8 න් පහළ
දිහංසි පීරිස් (කොළඹ ලූම්බිනි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස එන්. ආර්. සංදීපනී (අනුරාධපුර ස්වර්ණපාලි විදුහල) පරාජය කරන ලදි. (11/02, 11/07)

වයස 10 න් පහළ
චමිෂ්කා හර්ෂණී (කොළඹ ලූම්බිණි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නෙත්මි ඉමාෂා (අනුරාධපුර ස්වර්ණපාලි විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/05)

වයස 12 න් පහළ
නෙත්මි ඉමාෂා (අනුරාධපුර ස්වර්ණපාලි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දක්ෂිණා තමෝදි (කොළඹ ප්ලේ ග‍්‍රවුන්ඞ්ස් මේසපන්දු ලීගය) පරාජය කරන ලදි. (11/06, 11/07)

වයස 15 න් පහළ
දිස්නා කුමාරි (අනුරාධපුර ස්වර්ණපාලි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස රිතූෂා හංසනී (කොළඹ ප්ලේ ග‍්‍රවුන්ඞ්ස් මේසපන්දු ලීගය) පරාජය කරන ලදි. (11/06, 11/07)

වයස 18 න් පහළ
ජී. ඩබ්ලිව්. එන්. දේෂිකා (අනුරාධපුර මැදි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස එස්. ඞී. එස්. සිල්වා (අනුරාධපුර ස්වර්ණපාලි විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08)

වයස 21 න් පහළ
ජී. ඩබ්ලිව්. එන්. දේෂිකා (අනුරාධපුර මැදි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස එස්. ජී. එච්. ශාබි (කොළඹ ප්ලේ ග‍්‍රවුන්ඞ්ස් මේසපන්දු ලීගය) පරාජය කරන ලදි. (11/08, 12/10)

විවෘත තරග ප‍්‍රතිඵල

විවෘත පිරිමි
ආර්. එම්. එල්. චතුරංග (කොළඹ ප්ලේ ග‍්‍රවුන්ඞ්ස් මේසපන්දු ලීගය) විසින් තරග වට 2-0 ක් ලෙස ඒ. වයි. ප‍්‍රමෝධ (කොළඹ ප්ලේ ග‍්‍රවුන්ඞ්ස් මේසපන්දු ලීගය) පරාජය කරන ලදි. (11/08, 11/09)

විවෘත කාන්තා
එස්. ජී. එච්. ශාබි (කොළඹ ප්ලේ ග‍්‍රවුන්ඞ්ස් මේසපන්දු ලීගය) විසින් තරග වට 2-1 ක් ලෙස මධුෂානි පෙරේරා (කොළඹ නගර සභාව) පරාජය කරන ලදි. (04/11, 12/10, 11/08)

 

 


අදහස් (0)

චතුර - දේශිකා ද්විත්ව ශූරතා දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.