Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චින්තන 12 - සුදේෂ් 16

චින්තන 12 - සුදේෂ් 16

ශනුක අරවින්ද - 2016 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස්බකිස්තානයේදී පැවැති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී චින්තන ගීතාල් විදානගේ 12 වැනි ස්ථානයද සුදේෂ් පීරිස් 16 වැනි ස්ථානය ද ලැබුහ.

කිලෝග‍්‍රෑම් 69 බර පංතියේ දකුණු ආසියාවේ බර ඉසිලීමේ ශූරයා වන සුදේෂ් පීරිස් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 125 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 161 ක් සමගින් කිලෝග‍්‍රෑම් 286 ක බරක් ඔසවා ආසියාවේ 16 වැනි ස්ථානයට පත්විය.   

කසක්ස්තානයේ ඉස්සාත් අර්තුකොව් මෙම බර පංතියේ රන් පදක්කම දිනා ගත්තේ කිලෝග‍්‍රෑම් 338 ක බරක් ඔසවමිනි. චීනයට සහ කොරියාවට මෙම බර පංතියේ රිදී සහ ලෝකඩ පදක්කම් හිමි විය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ රන් පදක්කම් ලාභියකු වන චින්තන, කිලෝග‍්‍රෑම් 77  බර පංතියෙන් තරග කළේය. චින්තන, ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 131 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 162 ක් සමඟින් කිලෝග‍්‍රෑම් 293 ක බරක් ඔසවමින් 12 වැනි ස්ථානයට පත්විය.

චීනයේ ෂියැන්ග් ෂියා, මෙම ඉසව්වේදී සම්පූර්ණ බර කිලෝග‍්‍රෑම් 348 ක බරක් ඔසවමින් රන් පදක්කම හිමිකර ගත්තේය.

බර ඉසිලීමේ ලෝක ශූරයන්ද තරග වදින ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගැනීම අසීරු වුවත්, ඔලිම්පික් පරිසාධන මට්ටම සපුරා ගැනීම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ අපේක්ෂාව විය.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් අජිත් තමෙල් මහතා ලංකාදීපයට පැවසුවේ උස්බකිස්තානයේදී පැවැති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය අවසානයේදී රියෝ ඔලිම්පික් වරම් හිමිවන ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න ප‍්‍රකාශයට පත්වන බවත්, ශ්‍රී ලංකාවෙන් එක් ක‍්‍රීඩකයකුට හෝ එම අවස්ථාව හිමිවීමේ ඉඩක් පවතින බවත්ය. 

 


අදහස් (0)

චින්තන 12 - සුදේෂ් 16

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.