Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාවට වෝටර් පෝලෝ ජයක්

ගුවන් හමුදාවට වෝටර් පෝලෝ ජයක්

editorial - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක්‍රීඩා දැනුම් හවමාරු කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ පවත්වන ලද වෝටර් පෝලෝ තරගය ජයගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදා වෝටර් පෝලෝ කණ්ඩායම සමත් විය.

බංගලාදේශයේ ඩකා නුවර මිර්පූර්හි ජාතික පිහිනුම් සංකීර්ණයේදී පැවැති මෙම තරගයේදී බංගලාදේශ ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව දඩුවම් පහර 3-2 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. නායක ගුවන් භට සංජය ප්‍රේමරත්න එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා වෝටර් පෝලෝ කණ්ඩායම, ඉකුත් මස අග භාගයේදී මෙම තරගයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් ගියේය.

-036


අදහස් (0)

ගුවන් හමුදාවට වෝටර් පෝලෝ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.