Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාපති කුසලාන ගෝල්ෆ් තරග 19 දා සිට

ගුවන් හමුදාපති කුසලාන ගෝල්ෆ් තරග 19 දා සිට

editorial - 2024 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් 11 වැනි වරටත් සංවිධානය කරන ‘ගුවන් හමුදාපති කුසලාන’ විවෘත ගොල්ෆ් තරගාවලිය ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී මෙම මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ. 

ගුවන් හමුදාපති කුසලානට සමගාමීව ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරන තරගකරුවන් සඳහා ‘ඊගල්ස් අභියෝගතා’ කුසලාන සඳහාද මෙම තරගාවලියේදී තරග පැවැත්වෙන අතර එහිදී දක්‍ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරාගැනීමට නියමිතය. 

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිත අතර ඊට ක්‍රීඩාකාවන් 25 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 8 ක්ද ඇතුළත්ව සිටිති. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් සමාගම කටයුතු කරනු ඇත. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන සහ ත්‍යාග පිරිනැමීමේ උත්සවය මෙම මස 21 වැනිදා පස්වරුවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්වේ. 

 


අදහස් (0)

ගුවන් හමුදාපති කුසලාන ගෝල්ෆ් තරග 19 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.