
(දමින්ද විජේසූරිය)
මේ වන විට පැවැත්වෙමින් තිබෙන අන්තර් ක්‍රීඩා සමාජ (කාන්තා) එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරග දිනය නිමාවන විට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වෙති. එම කණ්ඩායම් අතර ගුවන් හමුදාවෙන් කණ්ඩායම් 2 ක් සහ යුද හමුදාවෙන් කණ්ඩායම් 2 ක් සිටිති. අපේක්‍ෂා කළ පරිදිම ගුවන් හමුදාවේ ‘ඒ’ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ කලක සිටම කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පවත්වාගෙන ගිය බැවිනි.
ලීග් පදනම මත පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම කණ්ඩායමක්ම එකිනෙකා මුණගැසෙනු ඇත. තරගාවලිය අවසානයේදී ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ලීග් ශූරතාව හිමිවෙයි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.