මේ වසරේ පැවැති ලයන්ස් කුසලාන අන්තර් ජාතික බොක්සිං තරගාවලියේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන බොක්සිං ක‍්‍රීඩකයන් දෙදෙනකු වන නායක ගුවන් භට එම්. වයි. එම්. දිල්ෂාන් සහ නායක ගුවන්භට පී. ජී. ඊ. මධුශාන් දෙදෙනා කෝප‍්‍රල් නිළය දක්වා උසස් කිරීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා තීරණය කර තිබේ.
ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ජෝර්දානයේ අම්මාන් හිදී පැවති ආසියානු බොක්සිං තරගාවලියට සහභාගී වූ එම්. වයි. එම්. දිල්ෂාන්, මේ වසරේ කියුබානු බොක්සිං තරගාවලියේදි ලෝකඩ පදක්කමකට හිමිකම් කීවේය. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා තරගාවලියටද සහභාගී වූ ඔහු මෑතකදී පැවැති ලයන්ස් කුසලාන අන්තර් ජාතික බොක්සිං තරගාවලියේදී ”ලයිට් වෙල්ටර් වේට්” (කිග‍්‍රෑ 64 අඩු) බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවති ද්විත්ව බොක්සිං තරගාවලිය සහ මේ වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල නියෝජනය කළ පී. ජී. ඊ. මධුශාන්, පසුගියදා පැවති ලයන්ස් කුසලාන අන්තර් ජාතික බොක්සිං තරගාවලියේදී ”ලයිට් ෆ්ලයි වේට්” (කිග‍්‍රෑ 49 ට අඩු) බර පන්තියේ රිදී පදක්කම දිනා ගත්තේය.
නායක ගුවන් භට එච්. ඒ. එස්. එස්. වෙත්තසිංහ මහතා මෙම කී‍්‍රඩකයන් දෙදෙනාගේ පුහුණුකරු වශයෙන් කටයුතු කළේය. ගුවන් හමුදා බොක්සිං සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සී. ආර්. ගුරුසිංහ, ගුවන් හමුදා බොක්සිං සංචිතයේ ලේකම් බළඝණ නායක එම්. වයි. එම්. සෆ්රාස් සහ ගුවන් හමුදා බොක්සිං සංචිතයේ අනෙකුත් නිළධාරීහුද මෙම උසස්වීම් පිරිනැෙමීමේ අවස්ථාවට සහභාගී වූහ.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් ගුවන් භට එම්. වයි. එම්. දිල්ෂාන් සහ නායක ගුවන්භට පී. ජී. ඊ. මධුශාන් දෙදෙනා කෝප‍්‍රල් නිළය දක්වා උසස් කිරීමේ ලිපි බාර දුන් අවස්ථාව.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.