Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් - යුද හමුදා කඹ ඇදීමේ ශූරතා දිනති

ගුවන් - යුද හමුදා කඹ ඇදීමේ ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේදී පළමු වරට පැවැති ගෘහස්ථ කඹ ඇදිමේ ජාතික තරගමාලාවේ පිරිමි ශූරතාව ගුවන් හමුදා කී‍්‍රඩා සමාජයටත් කාන්තා ශූරතාව යුද හමුදා කී‍්‍රඩා සමාජයටත් හිමිවිය.

දියගම මහින්ද රාජපක්‍ෂ ගෘහස්ථ පිටියේදි පැවැති මෙම තරගාවලියේදී දක්‍ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 39 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකක් දෙසැම්බර් 1 වැනිදා තායිලන්තයේදී පැවැත්වෙන 10වැනි ආසියානු ගෘහස්ථ කඹ ඇදීමේ ශූරතාවලියට සහභාගි කරවන බව ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ උප සභාපති කි‍්‍රෂ්ටි ප‍්‍රනාන්දු මහතා පවසයි.

කිලෝග‍්‍රෑම් 640ක් බර පංතියෙන් පැවති පිරිමි අවසන් මහ තරගයේදී ගුවන් හමුදා කී‍්‍රඩකයන් විසින් දෙහිවල එක්සත් කී‍්‍රඩා සමාජය  පරාජය  කරන ලදි. කාන්තා අවසන් තරගයේදී යුද හමුදා කණ්ඩායම හමුවේ නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්විය. කාන්තා තරගාවලිය පැවැත්වූයේ කිලෝග‍්‍රෑම් 540 බර පංතියෙනි.

මෙම තරගාවලියට සහභාගි  වූ කණ්ඩායම් ගණන 29කි. ආසියානු තරගාවලිය ඉලක්ක කරමින් මේ වන විට කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් 60 දෙනෙකුගේ පුහුණු සංචිතයක් ආරම්භ කර තිබේ.

කි‍්‍රෂ්ටි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් තරගාවලිය සංවිධානය කිරීම වඩාත් දුෂ්කර වූ බවය.
මීළඟ  ආසියානු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි කිරීමේදීද කඹ ඇදිමේ සංගමය මෙම දුෂ්කරතාවයට මුහුණදී සිටින  බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

ජාත්‍යන්තර කඹ ඇදිමේදී කී‍්‍රඩා නීති රීතිවලට අනුව තරගවලට සහභාගි වන කණ්ඩායමක උපරිම ක‍්‍රීඩක යන් හෝ ක‍්‍රීඩිකාවන් ගණන අටකි. අතිරේක කී‍්‍රඩකයන් හෝ කී‍්‍රඩිකාවන් දෙදෙනකුටද කණ්ඩායමක් සඳහා නම් කෙරේ.

ජාත්‍යණ්තර කඹ ඇදීමේ කී‍්‍රඩා නීති රීති අනුව පිරිමි බර පංතිය කිලෝග‍්‍රෑම් 640 ක් ලෙසත් කාන්තා බර පංතිය කිලෝග‍්‍රෑම් 540 ක් ලෙසත් දක්වා තිබේ.


අදහස් (0)

ගුවන් - යුද හමුදා කඹ ඇදීමේ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.