Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුළ විදුහලට මුල් ඉනිමේ ජයක්

ගුරුකුළ විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුළ විදුහල සහ මරදාන සහිරා විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගුරුකුළ විදුහල සමත් විය.

ගුරුකුළ විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට රවිඳු උදාර (නොදැවී 104) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ සහිරා විදුහලේ මුහම්මද් හෂ්මි ලකුණු 20 කට කඩුලු 8 ක් දවාගත්තේය.


ගුරුකුළ විදුහල පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 132
(මලිඳු විඳුරංග 71, අචින්ත මල්ෂාන් 20, මුහම්මද් හෂ්මි 20/8)

සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 129
(මොහොමඞ් ශාමාස් 38, මොහොමඞ් සාකි 33, මලිඳු විඳුරංග 39/3, සචිත චමිත් 21/3)

ගුරුකුළ විදුහල දෙවැනි ඉනිම - ඕවර 53 කදී කඩුලු 4 ක් දැවී 236  
(රවිඳු උදාර නොදැවී 104, පෘතුවි රූසර 65)

සහිරා විදුහල දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී 115
(ඉරෝෂාන් ලක්රුවන් නොදැවී 38)

 


අදහස් (0)

ගුරුකුළ විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.