Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගිවිසුම් අත්සන් කිරීම තවමත් ප්‍රමාදයි

ගිවිසුම් අත්සන් කිරීම තවමත් ප්‍රමාදයි

editorial - 2021 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත සංචාරය සඳහා පිටත්ව යාමට පෙර ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් අත්සන් කළ යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට දන්වා තිබේ. ඒ සඳහා ඔවුනට දී ඇති අවසන් දිනය මේ මස 6 වැනිදාය. එහෙත් එංගලන්ත සංචාරයට ඇතුළත් කර නොමැති ජෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ බලපෑම හේතුවෙන් තරුණ ක්‍රීඩකයන් ගිවිසුම් වලට අත්සන් කිරීම ප්‍රමාද කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සකස් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කියති. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සිඩ්නි ප්‍රේමතිරත්න මහතා කියා සිටින්නේද ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ඇතැම් නිලධාරීන්ගේ මතය වී ඇත්තේද නව කොන්ත්‍රාත් සකස් කිරීමේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි.

- 213


අදහස් (0)

ගිවිසුම් අත්සන් කිරීම තවමත් ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.