Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ (2022) පැවැත්වීම සඳහා සහන කාලයක් ලබාදෙමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීමට හේතු දක්වන ලෙස අභියාචනාධිකරණය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශ ප්‍රධානීන්ට නියෝග කර තිබේ.
එම තීරණයෙන් ලබන ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2022-26) කල් දැමීමට සිදුවීමෙන් තමන්ට අගතියක් සිදුවූ බව දක්වමින් අභියාචනාධිකරණයේ මෙම නඩුව ගොනුකර ඇත්තේ එහි හිටපු සභාපති ජස්වර් උමාර්, ප්‍රධාන ලේකම් උපාලි හේවගේ මහතා ඇතුළු පාපන්දු ආයතනයේ හිටපු විධායක සභිකයන් පිරිසක් විසිනි.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානීන් පිරිසක් හා රජයේ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබේ.
ඒ පිළිබඳව සලකා බැලූ අභියාචනාධිකරණය ලබන අඟහරුවාදා (4) අධිකරණයේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට දැනුම්දී තිබේ.
මෙම වසරේදී පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කැඳවීම සඳහා ලබන ඔක්තෝබර් 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය.
එහෙත් එය අවලංගු කරමින් නැවත ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළේය. ඒ අතර ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළුව මෙරටට පැමිණි අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන්ගේ එකඟතාවයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය ලබන ඔක්තෝබර් 23 වැනිදාට පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් තිබියදී අදාළ සහන කාලය අවලංගු කිරීමට කටයුතු කිරීමෙන් පැමිණිලි පාර්ශ්වයට අගතියක් වූ බව දක්වමින් හිටපු පාපන්දු සභාපතිවරයා අභියාචනාධිකරණය හමුවට ගොස් තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පැවැති (2022-23) විධායක සභාව පසුගිය සැප්තැම්බර් 15 වැනිදා සිට අහෝසි කිරීමට මේ අතර ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.