Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගැලැක්සි වොලිබෝල් ශූරයන්ට රුපියල් මිලියනයක සල්ලි මල්ලක්

ගැලැක්සි වොලිබෝල් ශූරයන්ට රුපියල් මිලියනයක සල්ලි මල්ලක්

නාමල් පතිරගේ - 2021 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරෙන ‘ගැලැක්සි’ කුසලාන (වයස 25 න් පහළ) ජාතික වොලිබෝල් ලීග් තරගමාලාව ලබන මස 16 වැනිදා ගාල්ල දඩල්ල වොලිබෝල් සම්මේලන ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ.  මෙම අළුත්ම වොලිබෝල් තරගාවලියේ විශේෂත්වය වන්නේ දේශීය වොලිබෝල් තරගාවලියක ඉහළම ත්‍යාග මුදල එහිදී ප්‍රදානය කෙරෙන බැවිනි.

මාර්තු 16 වැනිදා සිට 22 වැනිදා දක්වා කාන්තා කණ්ඩායම් 10 ක් හා පිරිමි කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් මෙහි මූලික තරග වටය දඩල්දේදී පැවැත්වේ.  අවසන් පූර්ව තරග මාර්තු 26 – 27 යන දෙදින පැවැත්වෙන්නේ මහරගම තරුණසේවා ගෘහස්ථ පිටියේදීය. එහිදීම තරගාවලියේ අවසන් මහ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් 10 වැනිදාය.

කාන්තා හා පිරිමි තරගාවලි දෙකේම ජයග්‍රාහී කණ්ඩායම්, අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම් හා තෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් සඳහා රුපියල් ලක්‍ෂ 10 ක්, ලක්‍ෂ 5 ක් හා ලක්‍ෂ 2 බැගින් වන ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට  තරගාවලියට අනුග්‍රහය දක්වන ‘‘වෝෂෑන්ග්’’ ලංකා ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් පෞද්ගලික ආයතනය කටයුතු යොදා තිබේ.

මෙම ලීග් වොලිබෝල් තරගාවලිය සඳහා 1997 ජනවාරි 01 වැනිදා හෝ ඊට පසුව උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී විය හැකිය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ වැඩිම ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරෙන මෙම වොලිබෝල් තරගාවලිය වඩාත් ආකර්ෂණීය තරගාවලියක් ලෙස මෙතැන් සිට වාර්ෂිකව පැවැත්වීමට සැළසුම් කර තිබෙන බවයි.

තරගාවලියට ආරාධනා ලබා ඇත්තේ පිරිමි කණ්ඩායම් 8 ක් වූවත් කාන්තා කණ්ඩායම් 10 ක් මෙම අලුත්ම තරගාවලියට ආරාධනා ලබා සිටීම කැපී පෙනෙන වෙනසකි.


 තරගමාලාවට ආරාධනා ලබා සිටින කණ්ඩායම්

♦ පිරිමි කාණ්ඩායම්
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, තරුණ සේවා සභාව, නාත්තන්ඩිය යුනයිටඩ්, ලංකා විදුලිබල මණ්ඩලය, වෙන්නප්පුව ජෝශප් වාස්, කළුතර ගෝල්ඩන් ටයිගර්ස්

♦ කාන්තා කණ්ඩයම්
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, තරුණ සේවා සභාව, හයිද්‍රාමනී ක්‍රී.ස., මහඋස්වැව ක්‍රී.ස., කැෂුවලයින්, ගෝල්ඩන් බර්ඩ්ස්, හුංගම විජයබා හා අම්පාර සුපර් කිංග්ස්.

 


අදහස් (0)

ගැලැක්සි වොලිබෝල් ශූරයන්ට රුපියල් මිලියනයක සල්ලි මල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.