අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ තරගයකදී බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 55 ක ජයක් හිමිකර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 82 කට කඩුලු 11 ක් දවාගනිමින් කෝල්ට් ක්‍රීඩා සමාජය ඉනිමක ජයක් කර රැගෙන ගියේය.
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 148.5 කදී සියලුදෙනා දැවී ලකුණු 400
(සංගීත් කුරේ 37, ඩිල්රුවන් පෙරේරා 60, හෂාන් දුමිඳු නොදැවී 168, ඇන්ජලෝ ජයසිංහ 26, මොහොමඞ් ශිරාස් 65, මලිත් ද සිල්වා 105/5, ළහිරු ප්‍රනාන්දු 92/3)
බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 54.3 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 33, නිපුන් කරුණානායක 28, ප්‍රභාත් ජයසූරිය 26/7)
බ්ලූම්ෆීල්ඞ් - දෙවැනි ඉනිම - ඕවර 56.5 කදී සියලුදෙනා දැවී ලකුණු 194
(රමේෂ් මෙන්ඩිස් 52, නිපුන් හග්ගල්ල 51, ඩිල්රුවන් පෙරේරා 69/4, ප්‍රභාත් ජයසූරිය 56/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.