නාමල් පතිරගේ
කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල හා කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර 47 වැනි කෝට්ටේ සටන මහ ක්‍රිකට් තරගය අද සහ හෙට (27 - 28) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.
කෝට්ටේ සටන මහ තරගයේ ආරම්භය 1919 දක්වා ඇතට දිව ගියත් එය විටින් විට අතරමග ඇණ හිටීමෙන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට නොහැකි විය. 1919 වසරේ මංගල කෝට්ටේ සටනේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් කණ්ඩායමට නායකත්වය දුන් කේ.ජේ.රණසිංහ මහතාට උපහාර පිණිස කේ.ජේ.රණසිංහ අනුස්මරණ ශූරතා පළිහ වෙනුවෙන් මෙම මහ තරගය පැවැත්වේ.
මේ තරග වාරයේදී (2025 -26) සී.එම්.එස්.විදුහල තරග නවයකට සහභාගි වී ඉන් හයක්ම ජය ගනිමින් අපරාජිතව වඩාත් ප්‍රබල තත්වයක පසුවේ.ශාන්ත තෝමස් විදුහල තරග 11 කින් තුනක් පරාජය වී තරග දෙකක් ජය ගනිමින් හා සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන් කරමින් මෙවර මහ තරගයට මුහුණ දේ.
නූතන කෝට්ටේ සටන මහ තරගය ඉතිහාසයේ සී.එම්.එස්. විදුහල 10 වතාවක්ද, ශාන්ත තෝමස් විදුහල හය වතාවක්ද ජය වාර්තා කර තිබේ. දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන ගාමිණී හෙට්ටිආරච්චි මහතා හා ප්‍රියදර්ශනී පිගේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් දෙවිදුහලේ ඒකාබද්ධ මහ තරග සංවිධායක කමිටුව මෙවර කෝට්ටේ සටන මහ තරගය සම්බන්ධ්කරණය කරයි.
සී.එම්.එස්.ශ්‍රී ජයවර්ධනපුර විදුහල් කණඩායමේ නායකයා ලෙස සිවුවැනි වසරේ වර්ණලාභියෙකු වන තුන් ඉරියව්වෙන්ම කැපී පෙණෙන ඩබ්.ටී. ටලීෂ සිල්වා කටයුතු කරයි.මෙනුත් මල්ෂුක හා පසිදු පින්සර එහි උප නායකයෝ වෙති.රුසිරු රිශ්මිත, ප්‍රමෝදර සස්සර,අන්ජන නිදූෂ,රසල් වීරක්කොඩි, තෙනුවර රනිතු, නිසුර නෙත්සර, තුලන සෙතුම්, දහම් කෞෂල්‍ය,රනුක සංදීප්,චනුක විජේනායක, ප්‍රසාන් රන්දික, නිෂිත් ශේනුක, ෂේන් වම්බීක් හා උදාර ගිම්හාන් සී.එම්.එස්.සංචිතයේ සෙසු ක්‍රීඩකයෝ වෙති.
තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ඩිලෙන් ෆ්‍රෑන්ක්ගේ නායකත්වයෙන් මෙවර මහ තරගයට පිවිසෙන කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ උප නායකායා වන්නේ නිදූෂාන් කවීෂය.
තේනුක රවිදු,චමිදු රන්සර,නෙත්සර කාව්‍ය, සනූක පෙරේරා, අවිනාෂ් පෙරුමාල්, කවීෂ පහන්, අස්වින් ප්‍රකාන්, දිමිත්‍රී ඇන්තනී, තරිදු රංජක,අමීෂ ශැනෝන්,සන්ජන බුලේගොඩ,ආකාශ් දෙනෙත්, නිමිතු හිමන්සන,අවීෂ ඉදුවර, ඩිල්ෂාන් දුලක්ෂ,හා අබිෂේක් හේමන් එහි සෙසු ක්‍රීඩකයෝ වෙති.

කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල

කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.