Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ පිලට තුන්වැනි තැන

කොළඹ පිලට තුන්වැනි තැන

editorial - 2024 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රජන්ත බමුණුකොටුව)

රුසියාවේ කාන්ටි - මන්සියක් නගරයේදී පසුගියදා නිමාව දුටු ආසියානු අන්තර් නගර චෙස් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කොළඹ නගර කණ්ඩායම සමත්විය. 

මෙම තරගාවලිය, ආසියානු චෙස් සම්මේලනය සහ ලෝක චෙස් සම්මේලනය වෙනුවෙන්, රුසියානු චෙස් සම්මේලනය විසින් සංවිධානය කරන ලදි.  ආසියානු මහාද්වීපය නියෝජනය කරමින් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් සහභාගි වූ මෙම තරගාවලියේ දී දැඩි තරගකාරීත්වයක් දැකගන්නට තිබිණ. 

තරගාවලියට සහභාගි වූ කොළඹ නගර කණ්ඩායම  සංජීව අනුරාධ විසින් මෙහෙයවන ලදි. ඉන්ටර්නැෂනල් මාස්ටර් හර්ෂණ තිලකරත්න, ඉන්ටර්නැෂනල් මාස්ටර් රනිඳු දිල්ෂාන් ලියනගේ, කෝසල සංදීප චාමිකර අමරතුංග සහ
 කේ. කේ. දිනුජය කොඩිතුවක්කු මෙම කණ්ඩායම නියෝජනය කළහ.


අදහස් (0)

කොළඹ පිලට තුන්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.