19න් පහළ සුපිරි පළාත් තරගාවලිය
කොළඹ දකුණ දෙවැනි ජයත් ලබාගනී
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - වයස අවුරුදු 19න් පහළ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේදී අපරාජිතව තම දෙවැනි ජය වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම සමත් විය.
අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයකදී කොළඹ දකුණ පිලට එරෙහිව ලකුණු 64 ක ජයක් ලැබීමට මහනුවර පිල සමත් විය.
කොළඹ දකුණ - ඕවර 50 කදී කඩුලු 9 ට 263 යි
(ජේසන් ප්‍රනාන්දු 81, රමිරු පෙරේරා 45, ඔෂාන් ද සිල්වා 41, රෙහාන් පීරිස් 26, දිමාත් අබේසිංහ 24/2, විග්නේශ්වරන් ආකාෂ් 38/2, කුගදාස් මාතුලන් 47/2)
දඹුල්ල - ඕවර 42.3 කදී 199 යි
(රජිත් නවෝද්‍ය 55, චන්දූප අබේසිංහ 38, ධමේෂ් මතීෂාන් 27, හිරුෂ ප්‍රනාන්දු 36/4, මලින්ත සිල්වා22/2, නෙතුල් අනුහස් 38/2)