Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ දකුණ - මහනුවර ජය ලබති
19න් පහළ - සුපිරි පළාත් තරගාවලිය

කොළඹ දකුණ - මහනුවර ජය ලබති

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - (වයස අවුරුදු 19න් පහළ අන්තර් සුපිරි පළාත්) ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේදී ජය වාර්තා කිරීමට කොළඹ උතුර සහ මහනුවර යන කණ්ඩායම් සමත්වූහ.

අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කොළඹ උතුර පිලට එරෙහිව කඩුලු 6ක ජයක් ලැබීමට කොළඹ දකුණ පිල සමත් විය.  අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් (සමාධි) ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී මහනුවර පිල ගාල්ල පිලට එරෙහිව කඩුලු 6ක ජයක් ලැබීය. 

එක් කණ්ඩායමක ක්‍රීඩකයින් 16 දෙනෙකු බැගින් දිවයිනේ වයස අවුරුදු 19න් පහළ දක්ෂතම ක්‍රීඩකයෝ 80 දෙනෙක් මෙම තරගාවලියේදී මහනුවර, ගාල්ල, කොළඹ උතුර, දඹුල්ල සහ කොළඹ දකුණ ලෙස කණ්ඩායම් 5ක් යටතේ තරග වදිති. 

සියලුම තරග සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේදී සහ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් (සමාධි) ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සෑම කණ්ඩායමක්ම පළමු වටයේදී තරග 4කට සහභාගී වීමට අවස්ථාව හිමිවන අතර, පළමු වටය අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

මහනුවර පිලේ පුලීෂ තිලකරත්න මෙම තරගාවලියේ පළමු ශතකලාභී පිතිකරුවා බවට පත්වූයේ ගාල්ල පිලට එරෙහිව පන්දු 107කදී හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 103ක් රැස් කරමිනි. 

කොළඹ දකුණ 19න් පහළ පිලේ ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් පන්දු 84කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 91ක් රැස් කළේය. මහනුවර පිලේ කෙනුල පිහිලිඅංග ගාල්ල පිලට එරෙහිව පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් ලකුණු 32කට කඩුලු 4ක් දවාලීය.

 

මහනුවර පිලට කඩුලු 6ක ජයක්
ගාල්ල යොවුන් කණ්ඩායම -  ඕවර 48.5 කදී  සියලු දෙනා දැවී 246 යි 
(විශ්ව සුපුන් 67, චමරිඳු නෙත්සර 59, චාර්ය පරණවිතාන 40, දුල්සිත් දර්ශන 22, කෙනුල පිහිලිඅංග 32/4, කවිජ ගමගේ 34/2, සුමේධ ප්‍රසාද් 43/2)

මහනුවර යොවුන් කණ්ඩායම - ඕවර 43.2 කදී කඩුලු 4 ක් දැවී 248 යි
(පුලීෂ තිලකරත්න නොදැවී 103, යෝෂිත ඉසුරංග 45, දීමන්ත මහවිතාන 39, කවිජ ගමගේ 27, කෞෂික කුමාරසිංහ 22, ගිම්හාන රසාංජන 38/2)


කොළඹ දකුණ පිලට කඩුලු 6ක ජයක්
කොළඹ උතුර යොවුන් කණ්ඩායම - ඕවර 34.3 කදී සියලු දෙනා දැවී 153 යි 
(කිත්ම විතානපතිරණ 45, මානස මධුභාෂණ 39. තරුෂ කොඩිකාර 32, දහම් නිර්මාල් 21/3, මලින්ත සිල්වා 31/3, හිරුෂ ප්‍රනාන්දු 32/2)

කොළඹ දකුණ යොවුන් කණ්ඩායම - ඕවර 31.5 කදී කඩුලු 4 ක් දැවී  157/4 යි 
(රෙහාන් පීරිස් නොදැවී 91, හිරුන් මතීෂ 22, ශ්‍රීරාම් ජීව්හාන් 32/2)


අදහස් (0)

කොළඹ දකුණ - මහනුවර ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.