Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොල්කටා පෙරමුණට එයි
අයි.පී.එල්. - 2024

කොල්කටා පෙරමුණට එයි

editorial - 2024 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 54 ක් නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ලකුණු 16 ක් ලබා සිටින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 11 න් 8 ක් ජයගෙන සිටින කොල්කටා ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ තරගය 3 ක් පමණි. 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමද තරග 8 ක් ජයගෙන තරග 2 ක් පරාජයට පත්ව ලකුණු 16 ක් ලබා සිටින නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයයි. කෙසේ වුවත් රාජස්ථාන් කණ්ඩායම තවමත් ක්‍රීඩා කර ඇත්තේ තරග 10 කට පමණි. 

චෙන්නායි සුපර් කිංග්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් තරග 6 බැගින් ජය ගෙන ලකුණු 12 බැගින් ලබා සිටින අතර ශූද්ධ ලකුණු වේගයන් අනුව ඔවුහු පිළිවෙලින් ලකුණු සටහනේ තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති. 

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග 5 ක් ජයගෙන ලකුණු 10 කට හිමිකම් කියමින් ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන අතර ලකුණු 8 බැගින් ලබා සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, පන්ජාබ් කිංග්ස් සහ ගුජරාට් කිංග්ස් කණ්ඩායම් 7 වැනි, 8 වැනි සහ 9 වැනි ස්ථාන වල රැදී සිටිති. 

-036


අදහස් (0)

කොල්කටා පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.