ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල අද (02 වැනිදා) සමත්විය.
හයිද්‍රාබාද් හිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී හෝබාර්ට් හරිකේන්ස් පිල හමුවේ කඩුලූ 7 ක ජයක් වාර්තා කරමින් ඔවුහු අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිල පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
කළකට පසු නැවනත් ලකුණු අතරට පැමිණි ජැක් කාලිස් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
කොල්කටා පිලේ තෙවැනි කඩුලූ වෙනුවෙන් මනීෂ් පාණ්ඬේ (40) සමග එක්ව පන්දු 48 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජැක් කාලිස්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන්ද යූසෆ් පතන් (නොදැවී 14) සමග එක්ව පන්දු 23 කදී ලකුණු 34 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩ නගිමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හෝබාර්ට් හරිකේන්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 140 ක් ලබාගත්තේය.
හෝබාර්ට් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශොයිබ් මලික් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැුස්කිරීමට සමත්විය.
හෝබාර්ට් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් බෙන් ඩන්ක් පන්දු 29 කදී ලකුණු 39 ක් රැුස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත්විය.
හෝබාර්ට් හරිකේන්ස් පිල - ඕවර 20 කඩුලූ 6 ක් දැවී 140
(බෙන් ඩන්ක් 39, ශොයිබ් මලික් නොදැවී 66, ඒවන් ගල්බිස් 15)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.5 කඩුලූ 3 ක් දැවී 141
(රොබින් උත්තාපා 17, ජැක් කාලිස් නොදැවී 54, මනීෂ් පාණ්ඬේ 40, යූසෆ් පතන් නොදැවී 14)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.