වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී සම්පත් බැංකු පිල පරදවා ලකුණු 61 ක ජයක් අත්කර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොමර්ෂල් ක්‍රෙඩිට් පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ඩිල්ෂාන් මුණවීර (85) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර අසිත ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ - ඕවර 33.2 කදී සියලුදෙනා දැවී ලකුණු 182
(ඩිල්ෂාන් මුණවීර 85, වනිඳු හසරංග 27, තරිඳු කෞශාල් 23/3, ප්‍රභාත් ජයසූරිය 26/3, කසුන් රාජිත 66/2)
සම්පත් බැංකුව - ඕවර 29.3 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(සමීන් කඳනආරච්චී 25, අසිත ප්‍රනාන්දු 22/3, ඉමේෂ් උදයංග 01/2, ළහිරු ගමගේ 16/2, සචිත් පතිරණ 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.