වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී සම්පත් බැංකු පිල පරදවා ලකුණු 19 කින් ජයගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිල ඊයේ (8 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් අතර ඕවර 50 අවසානයේදී කඩුලූ 8 කට ලකුණු 248 ක් රැස් කිරීමට සමත්වූහ. ඉන්දික ද සේරම් (85), උපුල් තරංග (49) සහ ලහිරු මදුශංක (නොදැවී 49) පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 249 ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායම ලකුණු 229 කට සියලූ දෙනා දැවී ගිය අතර කෞෂාල් සිල්වා අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.
කොමර්ෂල් ක්‍රෙඩිට් ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 248
(ඉන්දික ද සේරම් 85, උපුල් තරංග 49, ලහිරු මදුශංක නොදැවී 49, මාලිංග සුරප්පුලිගේ 30/3)
සම්පත් බැංකුව ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 229
(කෞෂාල් සිල්වා 77, ජීවන් මෙන්ඩිස් 31, මාලින්ද පුෂ්පකුමාර 32/4, චතුරංග ද සිල්වා 37/3, ලහිරු මදුශංක 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.