Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොමිලා වික්ටෝරියන්ස්ට ලකුණු 23 ක ජයක්

කොමිලා වික්ටෝරියන්ස්ට ලකුණු 23 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ෂිලාත් සුපර්සික්සර්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹා ගිය ෂිලාත් පිතිකරුවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි. ෂිලාත් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සබීර් රෙහෙමාන් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 31 ක් රැස්කළේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ග්‍රේම් ක්‍රීමර් ලකුණු 15 කට කඩුලු 3 දවාගනිමින් ෂිලාත් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. ෂිලාත් කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීම සඳහා ක්‍රීමර්ට අනගි සහායක් දුන් මෙහෙදි හසන් සහ හසන් අලී කඩුලු 2 බැගින් දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මාලන් සැමුවෙල්ස් (55) සහ ෂොයිබ් මලික් (නොදැවී 28) සමත් වූහ. පන්දු 43 කදී වාර්තා වූ සැමුවෙල්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 18 කදී වාර්තා වූ මලික්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු ලිටන් දාස් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 65 ක් රැස්කරමින් කොමිලා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්නේය.


කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 170
(ලිටන් දාස් 65, මාලන් සැමුවෙල්ස් 55, ෂොයිබ් මලික් නොදැවී 28)

ෂිලාත් සුපර්සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 145  
(ඇන්ඩෘෘ ෆ්ලෙචර් 25, බාබර් අසාම් 20, සබීර් රෙහෙමාන් 31, ග්‍රේම් ක්‍රීමර් 15/3, මෙහෙදි මරූෆ් 31/2, හසන් අලි 35/2)

 

- 036

 


අදහස් (0)

කොමිලා වික්ටෝරියන්ස්ට ලකුණු 23 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.