Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොමිලා වික්ටෝරියන්ස් කඩුලු 4 කින් ජය ලබයි

කොමිලා වික්ටෝරියන්ස් කඩුලු 4 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම අතර ඩකාහිදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 98 ක ඉලක්කයක් හඹා ගිය කොමිලා පිතිකරුවෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 16 ක් රැස්කළ මාලන් සැමුවෙල්, අවසන් ඕවරයේ තෙවැනි පන්දුව හතරේ සීමාව කරා යවමින් කොමිලා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ටමීම් ඉක්බාල් පන්දු 22 කදී හයේ පහරක් හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද, ෂොයිබ් මලික් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් කොමිලා කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ.

රාංපූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ නායක මෂ්රෆී මොටාසා ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත්තද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් කණ්ඩායම ඕවර 17.1 ක් අවසානයේ ලකුණු 97 කට සීමා කිරීමට කොමිලා පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර දැවීයාම රාංපූර් කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගත් මෙහෙදි හසන් රාංපූර් රයිඩර්ස් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් මොහොමඞ් ශයිෆුඩීන් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත්තේය.

රාංපූර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 31 කදී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. මොහොමඞ් මිතුන් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 17 ක් රැස්කළේය.

මෙම තරගයේදී රාංපූර් රයිඩර්ස් කණ්ඩායමට තිසර පෙරේරා සහ ලසිත් මාලිංග වෙනුවට චාමර කපුගෙදර සහ ඉසුරු උදාන කැඳවා සිටියහ. එහෙත් ඔවුන් දෙදෙනාට මෙම තරගයේදී වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර කපුගෙදර ලකුණු 4 කටද, උදාන ලකුණු 9 කටද දැවී ගියහ. පන්දු යැවීමේදී ඕවර 3.3 යැවූ උදාන එහිදී ලකුණු 18 ක් ලබා දුන්නද එක් කඩුල්ලක් හෝ දවාගැනීමට අපොහොසත් විය.


රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 97
(බ්‍රෙන්ඩන් මැකලම් 24, මොහොමඞ් මිතුන් 17, මෙහෙදි හසන් 22/4, මොහොමඞ් ශයිෆුඩීන් 22/2)

කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 19.3 කදී කඩුලු 6 ක් දැවී 100  
(ටමීම් ඉක්බාල් 22, ඉම්රුල් කේයස් 14, ෂෙයිබ් මලික් 20, මාලන් සැමුවෙල්ස් නොදැවී 16, මෂ්රෆී මොටාසා 24/3, නස්මුල් ඉස්ලාම් 17/2)


- 036

 


අදහස් (0)

කොමිලා වික්ටෝරියන්ස් කඩුලු 4 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.