Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබාගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමු ඉනිම ජයගැනීමට ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය සමත් වුවද චතුන් රණසිංහ දෙවැනි ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගනිමින් තරගයේ ජය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට හිමිකර දීමට සමත්විය.
තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ චතුන් රණසිංහ ඉනිම දෙකෙහිදීම ලකුණු 64 කට කඩුලු 10 ක් දවාගැනීමට සමත්විය.
ඉබ්බාගමුව ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(උමේෂ් විජේරත්න 25, විකුම් මැණික්කුඹුර 23, කළණ අබේරත්න 22, ප්‍රසාද් හේරත් නොදැවී 20, චතුන් රණසිංහ 31/4, කුෂාන් ධර්මපාල 22/3)
කුලියාපිටිය ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34.1 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(කසුන් කරුණාරත්න 28, ගිම්හාන් තෙන්නකෝන් 23, ප්‍රසාද් හේරත් 30/4, ශෙහාන් කරුණාරත්න 15/3)
ඉබ්බාගමුව ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 23.3 කදී සියලුදෙනා දැවී ලකුණු 59
(විකුම් මැණික්කුඹුර 20, චතුන් රණසිංහ 33/6, කසුන් කරුණාරත්න 00/2)
කුලියාපිටිය ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 93
(උදයංග අමරසිරි 36, ශෙහාන් කරුණාරත්න 54/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.