(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 4 ක් දැවී ලකුණු 259 ක් ලබා සිටියහ.
ඒ අනුව කුරුණෑගල යොවුන් කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව මේරියන්ස් කණ්ඩායමට වඩා ලකුණු 110 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුල්ලේ රැදී සිටි මනෝජ් සරත්චන්ද්‍ර හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 35 ක් ලබා සිටියේය. රවින්ද්‍ර කරුණාරත්න ලකුණු 38 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
කුරුණෑගල යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් යොහාන් මැද්දගේ (85) සහ ලක්වින් අඹේසිංහ (85) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 136 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. එහිදී පන්දු 79 කින් ලබාගත් යොහාන්ගේ වේගවත් අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වූ අතර ලක්වින්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.
පළමු දිනය වූ ඊයේ (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටි මේරියන්ස් කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 91 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු තනුක දාබරේ සමත් වූ අතර කඩුලු 9 ක් බිඳවැටී තිබියදී ඉනිම අත්හිටුවීමට මේරියන්ස් කණ්ඩායම කටයුතු කළේය.
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 149
(තනුක දාබරේ 91, කසුන් විදුර 21, චාමිකර එදිරිසිංහ 21/2, සමීර සඳමාල් 24/2)
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 259
(යොහාන් මැද්දගේ 85, ලක්වින් අඹේසිංහ 85, රවින්ද්‍ර කරුණාරත්න 38, මනෝජ් සරත්චන්ද්‍ර 35, තනුක දාබරේ 50/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.