Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංස්වුඩ් විදුහලට ලකුණු 27-17 ක ජයක්
අන්තර් පාසල් රග්බි

කිංස්වුඩ් විදුහලට ලකුණු 27-17 ක ජයක්

editorial - 2025 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

අන්තර් පාසල් ලීග් රග්බි ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරගයක් වශයෙන් බෝගම්බර ක්‍රීඩා පිටියදී පැවති කිංස්වුඩ් විදුහල් පිලත් මහානාම විදුහල් පිලත් අතර තරගයෙන් ලකුණු 27-17 ක් වශයෙන් ප්‍රසාද ලකුණු ද සමඟින් ජය වාර්තා කිරීමට මහනුවර කිංස්වුඩ් විදුහල සමත් විය.

ජයග්‍රාහී කිංස්වුඩ්පිල ගෝල දිනුම් 02ක් සහ උත්සාහක දිනුම් 02ක් සමගින් දඬුවම් පහරක්ද සාර්ථක කර ගනිමින් ලකුණු රැස්කළේය.

කිංස්වුඩ් පිල වෙනුවෙන් වාර්තා කරන ලද උත්සාහක  දිනුම් 04 නොම්මර 08 ක්‍රීඩක මධුරංග පුෂ්පකුමාර විසින් වාර්තා කිරීම ද විශේෂ සිදුවීමක් විය.

මහානාම පිල ගෝල දිනුම් 02ක් සහ එක් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේය.

ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 20-17 ක් වශයෙන් කිංස්වුඩ් පිල ඉදිරියෙන් විය.

ජයග්‍රාහී කිංස්වුඩ්පිල වෙනුවෙන් මධුරංග පුෂ්පකුමාර උත්සාහක දිනුම් 04 ක් වාර්තාකළ අතර ආශික් අස්මි ප්‍රවර්තන 02ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය.

මහානාම විදුහල වෙනුවෙන් දේශාන් අවිශ්ක සහ සිතුර ප්‍රනාන්දු එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළ අතර සිතුම් රත්නායක ප්‍රවර්තන 02ක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. ජීවක ෆොන්සේකා මහතා තරඟ විනිසුරු වශයෙන් කටයුතු කළේය.


අදහස් (0)

කිංස්වුඩ් විදුහලට ලකුණු 27-17 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.