Last Update  :  2026-03-18 19:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෑගල්ලේ රන් මහා සටන 20 -21 -22 මහජන ක්‍රීඩාංගණයේදී
මහ ක්‍රිකට් තරග - 2026

කෑගල්ලේ රන් මහා සටන 20 -21 -22 මහජන ක්‍රීඩාංගණයේදී

editorial - 2026 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන "කෑගලු රන් මහා සටන මේ මස  20, 21 සහ 22 යන දිනවල, කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

1963 වර්ෂයේ දී ආරම්භ කර ඇති මෙම තරගය මුල් කාලයේදී දෙදින තරගයක් ලෙසින් පැවැති අතර 2025 වර්ෂයේ සිට දින තුනක තරගයක් ලෙස පවත්වනු ලබයි.

වසර 2000 දී කෑගලු රන් මහා සටනට නායකත්වය දැරු තරංග පරණවිතාන පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ අතර දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙසින් ද කටයුතු කරයි.

කෑගලු විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වු අභාවප්‍රාප්ත කේ. ටී. ෆ්‍රැන්සිස් මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද කීර්තිමත් ක්‍රිකට් තරග විනිසුරුවෙකි.

මෙවර කෑගලු විද්‍යාල කණ්ඩායම නියෝජනය කරන ක්‍රිඩක තරුෂ නිමන්ත ජයවීර වයස අවුරුදු 15 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

එදා මෙදා තුර තරග 43 ක් පවත්වා ඇති අතර ඉන් තරග 7 ක් ශාන්ත මරියා විද්‍යාලීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කර තිබේ. තරග 37 ක් ජය පැරදුමකින් තොරව අවසන් කර තිබේ. තවත් තරග තුනක් වර්ෂාපතනය වැනි විවිධ හෙතු මත අතරමග දී නතර කර තිබේ.  වසර ගණනාවක් රටේ පැවති කොව්ඩි වසංගතය වැනි ව්‍යසන හෙතු නිසා තරග ගණනාවක් පවත්වා නොමැත.

මෙවර තරගයේ සත්කාරකත්වය දරන්නේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයයි.

ඩබ්ලිව්. පී. ජී. කරුණා රුවන් මහතා කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන අතර කණ්ඩායම භාර ආචාර්ය එමරික් ශ්‍රීනාම මහතාත්, පුහුණුකරු ලෙස චින්තක ජයවික්‍රම මහතාත් කටයුතු කරති. 

ඒ.එල්.පී. ලක්ෂ්මන් අමරසූරිය මහතා කෑගලු විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරයි. ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිලාන් තිරිමාන්න මහතාත්, කණ්ඩායම භාර ආචාර්යවරයා ලෙසින් කසුන් ජයවර්ධන මහතාත් කටයුතු කරති.

මෙම මහ ක්‍රිකට් තරගය සඳහා පූර්ව සූදානම් වීමක් ලෙසින්, පාසල් දෙකේම එකමුතුවෙන් පසුගියදා කෑගල්ල නගරයේ පා ගමනක් ද පැවැත්විණ.

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාල කණ්ඩායම

ශානුක කහඳවල (නායකයා), දිලුම් විජේතුංග (උප නායකයා), ගගන සදරු, කිමොත් මලීෂ, අවිශ සස්මික, මතීශ ෂෙහාන් සමරසිංහ, කෙවින් තුෂල් ඉනෝෂ් උඩගෙදර, සෙනුත් උත්තර, ගරිදු හිරුෂාන්, තරුෂ නිමන්ත, 

විහඟ සඳකැළුම්, හර්ෂණ උදාර, අශාන් උඩවත්ත, සිලුණ නෙතුම්, විනුජ අබේවික්‍රම, ලකිදු ප්‍රභාෂ්වර, චමත් භාග්‍ය,  තිමිර මලීෂ, වෙතුම් සත්සර සහ හේෂාන් නෙත්සර

 

කෑගලු විද්‍යාලීය කණ්ඩායම

ගෞරව තේජාන් (නායකයා), ශසින් මැදගෙදර (උප නායකයා), දිල්ෂාන් දිසානායක, දසුන් තත්සර, කෞශල්‍ය බණ්ඩාර, ඩොලිත උමේෂ්, විහඟ තත්සර, මිගාර ගම්ලත්, යලිත මෙත්සිත, ඩිල්ෂාන් කාවින්ද, සහන් සංකල්ප, ජනිදු මල්ලව ආරච්චි, චරිත් තත්සර, රශ්මික වන්නිආරච්චි, ජනිත රශ්මික, සොජිත සිනෙත් සහ පැතුම් බණ්ඩාර


අදහස් (0)

කෑගල්ලේ රන් මහා සටන 20 -21 -22 මහජන ක්‍රීඩාංගණයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.