Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැලණිය සුමංගලය අවසන් පූර්ව වටයට

කැලණිය සුමංගලය අවසන් පූර්ව වටයට

editorial - 2021 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කැලණිය ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

ගිරිවුල්ල වික‍්‍රමශීලා ක‍්‍රීඩංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී පුත්තලම ආනන්ද ජාතික පාසලට එරෙහිව කඩුලූ 4 ක ජයක් වාර්තා කරමින් සුමංගල විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද ජාතික පාසල  ඕවර 36.4 අවසානයේ ලකුණු 128 කට සීමා කිරීමට චලන අවිශ්ක ප‍්‍රමුඛ සුමංගල පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ චලන ලකුණු 28 කට කඩුලූ 5 ක් බිඳහෙළීමට සමත් විය.  

ජයග‍්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය සුංමංගල විදුහල  ඕවර 36.1 ක් කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ තෂික ෂෙනාල් නොදැවී ලකුණු 61 ක් රැුස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.


ආනන්ද ජාතික පාසල -  ඕවර 36.4 කදී සියලූ දෙනා දැවී 128
(එම්.එන්. නෙත්සර 27, තරිඳු සංජීව 27, දිවංක භාතිය 12, චලන අවිශ්ක 28/5, තරුෂ දෙනුවන් 11/2, නුවන් නන්දික 12/2)
 
ශ්‍රී සුමංගල විදුහල -  ඕවර 36.1 කදී කඩුලූ 6 ක් දැවී 134  
(තෂික ෂෙනාල් නොදැවී 61, තරුෂ දේෂාන් 26, චලන අවිශ්ක නොදැවී 14, තරිඳු සංජීව 20/2)

-036

 


අදහස් (0)

කැලණිය සුමංගලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.