Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කායවර්ධන ශූරිය තේරීම අවලංගු කරයි

කායවර්ධන ශූරිය තේරීම අවලංගු කරයි

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූරිය තේරීමේ තරගයට තරගකාරියක් පමණක් ඉදිරිපත්වීම නිසා එම තරගය අවලංගු කළ බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතා පවසයි. ශ්‍රී ලංකා අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට සමගාමීව පළමු වතාවට ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූරිය තේරීමේ තරගය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරීක යෝග්‍යතා සම්මේලනය සූදානමින් සිටියේය.

එහෙත් ඒ සඳහා ඉදිරිපත්ව සිටියේ එක් දරු මවක් වන දුලාංජලී සුබසිංහ පමණි. මෑත කාලයේ කායවර්ධන ක්‍රීඩාවට පිවිසි ඇය ඉදිරිපත් වූ කායවර්ධන ශූරිය තේරීමේ තරගය අවලංගු කර දැමුවත් නිරූපණයකට ඉදිරිපත් වෙමින් නරඹන්නන්ගේ අවධානය දිනා ගත්තාය.

කායවර්ධන සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ කායවර්ධන ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙරට කාන්තාවන් අතර පවතින ඇතැම් ආකල්ප හේතුවෙන් ඔවුන්ගේ ඉදිරිපත්වීම ඉතාම පහළ මට්ටමක පවතින බවයි.

විදේශගතව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් ගණනාවක් කායවර්ධන ක්‍රීඩාවට යොමුව සිටින බවට වාර්තා වී තිබෙන බැවින් ඔවුන් මෙරටට කැඳවා ගනිමින් ඉදිරියේදී කායවර්ධන ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන් මෙරටදී පවත්වා ශ්‍රී ලංකාවේ  කායවර්ධන ක්‍රීඩාවට කාන්තාවන් හැකි ආකාරයෙන් සම්බන්ධ කර ගන්නට කායවර්ධන සම්මේලනය උනන්දු වී සිටින බවත් වීරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

කායවර්ධන ශූරිය තේරීම අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.