Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා හොකී පිලට තවත් දරුණු පරාජයක්

කාන්තා හොකී පිලට තවත් දරුණු පරාජයක්

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ලීග් හොකී කාන්තා තරගාවලියේ (I වැනි කොටස) තායිලන්තය සමඟ ඊයේ (11) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ගෝල 9-0 ක දැවැන්ත පරාජයක් ලැබුහ. ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම මේ දක්වා සහභාගි වු තරග තුනම පරාජය ලබා දැඩි පසුබෑමකට ලක්ව සිටියි.


මෙම තරග තුනේදී ශී‍්‍ර ලංකා කාන්තා පිලට එරෙහිව ප‍්‍රතිවාදීන් විසින් වාර්තා කරන ලද ගෝල සංඛ්‍යාව 19 කි. සිංගප්පුරුව හමුවේ ගෝල 6-1 ක් සහ හොංකොං කණ්ඩායම හමුවේ ගෝල 4-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය ලැබීය.


පිරිමි තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා හොකී තරගාවලියේදී කසක්ස්තානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, ශ‍්‍රී ලංකාව, බෲනායි සහ කාම්බෝජය යන රටවල් හතක් තරග වදියි.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කසක්ස්තානය, බෲනායි සහ කාම්බෝජයට යන රටවල් තුන සමගින් ඉදිරියේදී තරග වැදීමට නියමිතය.

 


අදහස් (0)

කාන්තා හොකී පිලට තවත් දරුණු පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.