
ශ්‍රී ලංකා ජාතික රග්බි තේරීම් කමිටුව විසින් නම් කරන ලද 23 න් දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයට පාසල් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවෝ සිව් දෙනෙක් ඇතුළත්ව සිටිති.
හිකාෂිනී ක්‍රිෂ්ණකුමාරි, චමෝද්‍යා මධුමාලි, කවීෂා පෙරේරා සහ මධූෂානි අරලියා යන ක්‍රීඩිකාවෝ ජාතික සංචිතය නියෝජනය කරති.
මෙම සංචිතයට අමතරව කාන්තා රග්බි සංවර්ධන සංචිතයක් ද මේ වන විට ක්‍රියාත්මක වේ.
කාන්තා රග්බි සංචිතය:
නිමේෂා සුදර්ශනී, අයේෂා පෙරේරා, චරණි තීක්‍ෂණා, දිලිනි කාංචනා, දුලානි පල්ලෙකොන්දගේ, ශානිකා ඩිලානි සහ උමයංගනා තත්සරණි (යුද හමුදා ක්‍රීඩා සමාජය), දසුනි ද සිල්වා, ගයානි ගීතිකා, සංජීවනී විජේතිලක, නිපුනි වර්ෂවිතාන, රන්දිකා කුමුදුමාලි, සමන්තා ජයමාලි සහ කුමාරි දිල්රුක්‍ෂි (නාවික හමුදා ක්‍රීඩා සමාජය), සංජීවනී පෙරේරා, ජීවන්ති ගුණරත්න සහ අනූෂිකා තුෂාරි (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය), කාංචනා කුමාරි සහ අනූෂා අත්තනායක (සී. ආර්. ඇන්ඞ් එෆ්. සී.), හිකාෂිනී ක්‍රිෂ්ණකුමාරි (අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මහ විද්‍යාලය), චමෝද්‍යා මධුමාලි (ගිංතොට මහ විද්‍යාලය), කවීෂා පෙරේරා (පිළියන්දළ මධ්‍ය මහ විද්‍යාලය) සහ මධූෂානි අරලියා (හේනේගම මධ්‍ය මහ විද්‍යාලය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.