Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා බර ඉසිලීමේ ශූරතාව ගුවන් හමුදාවට

කාන්තා බර ඉසිලීමේ ශූරතාව ගුවන් හමුදාවට

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලිසර නාවික හමුදා ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවැති අන්තර් ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම සමත්විය. ගුවන් හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායමට තරගාවලියේ පිරිමි අනුශූරතාව හිමිවිය.

ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් සමගින් ප‍්‍රසාද ලකුණු 27 ක් ලබා තරගාවලියේ කාන්තා ශූරතාව හිමිකර ගත්තේය.

රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 5 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 25 ක් ලබාගනිමින් ගුවන් හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම තරගාවලියේ පිරිමි අනුශූරතාවට හිමිකම් කීවේය.

මෙහිදී ගුවන් හමුදා බර ඉසිලීමේ ක‍්‍රීඩක නායක ගුවන් භට එස්. එම්. පීටර්ස්, කිලෝග්‍රෑම් 105 බර පංතිය යටතේ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ඉසව්වෙන් ශ‍්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවීමට සමත්වීම කැපී පෙනිණ.

ශ‍්‍රී ලංකා නාවික හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා තරගාවලියේ ජය සංඛේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

 

 අනුශූරතාව හිමිවූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම


- 036

 


අදහස් (0)

කාන්තා බර ඉසිලීමේ ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.