ජා ඇල එකමුතු ක්‍රීඩා සමාජය සංවිධානය කරන ආරාධිත කාන්තා එල්ලේ තරගාවලිය මේ මස 6 වැනිදා පෙරවරු 9.00 සිට සීදුව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කොළඹ විශ්ව විද්‍යාලය, යක්කඩුව වීර ශාඛ්‍ය ක්‍රීඩා සමාජය, කඳාන ලංකා මාතා, නාරංගොඩපාළුව දිලෙන තරු, කඳාන වාසනා, කිරිබත්ගොඩ ස්ප්‍රීන් ෆීල්ඞ්, කටාන ශක්ති, මහරගම අධ්‍යාපන, ගනේපොල එක්සත්, වැලිගම නාගරික, ජා ඇල එකමුතු යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වෙති.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අභියෝග කුසලානය පිරිනැමේ. අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලලිත් වනිගරත්න අභියෝග කුසලානය පිරිනැමේ.
තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 072 5339702 යන දුරකතන අංකය ඔස්සේ ප්‍රධාන සංවිධායිකා ශ්‍යාමලී අබේවික්‍රම මහත්මිය ඇමතීමෙන් දැනගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.