
ක්‍රීඩා පරිපාලනය පිළිබඳ එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය බෝජා ගාර්ෂියා මහතා විසින් “ක්‍රීඩාවේ යහපාලනය වැදගත් වන්නේ ඇයි” යන තේමාව යටතේ කරනු ලබන විශේෂ දේශනය හෙට (25 වැනිදා) පස්වරු 3.00 ට කොළඹ ජාතික ඔලිම්පික් කමිටු නිවහනේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම දේශනය සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ජාතික ක්‍රීඩා සංගම් වල නියෝජිතයන්ට ආරාධනා කර තිබේ.
ආචාර්ය බෝජා ගාර්ෂියා මහතා ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පරිපාලනය සහ ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ආචාර්ය ගාර්ෂියා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහය මත සංවිධානය කෙරෙන්නකි.
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.