
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මේ මස 22 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවා තිබේ.
මෙහිදී මෙම වසරේ (2021) වෙනත් පාසල්වල 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ක්‍රීඩා පාසල්වලට ඇතුළත්කරගැනීමට නියමිතය. මෙහි අයැදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියෙන් (www.moe.gov.lk) ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.