Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩකයන් 4 කට තරග තහනම්

ක්‍රීඩකයන් 4 කට තරග තහනම්

යොහාන් භාසුර - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී නීති විරෝධීව හැසිරුණු ක්‍රීඩකයන් සිවුදෙනකුට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා රග්බි විනය කමිටුව තීරණය කර තිබේ.

ගුවන් හමුදා ක්‍රීඩක නුවන් පෙරේරාට තරග තුනක තහනමක්ද, සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලේ නායක ඔමල්ක ගුණරත්න, හැව්ලොක්ස් පිලේ ශාරු ප්‍රනාන්දු සහ හැව්ලොක්ස් පිලේ චරණ චාමික යන ක්‍රීඩකයන්ට තරගය බැගින් ද තහනම් කර තිබේ.

නුවන් පෙරේරා පසුගිය සති අන්තයේ යුද හමුදා පිලට එරෙහිව පැවැති තරගයේදී විනිසුරුට අසභ්‍ය වචනවලින් බැන වැදුණේ යැයි රතු කාඞ්පත් අවවාදයක් ලබා තරගයෙන් ඉවත් කළේය.

ඔමල්ක, ශාරු සහ චාමික යන ක්‍රීඩකයෝ මේ වන විට මෙවර තරගාවලියේ මේ දක්වා කහ කාඩ්පත් අවවාද තුන බැගින් ලබාසිටීම නිසා මෙම තහනමට ලක්ව සිටිති.

 


අදහස් (0)

ක්‍රීඩකයන් 4 කට තරග තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.