Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර පන්නිපිටියේදී පැවැති 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ක්‍රිස්තුරාජ විදුහල සමත් විය.
ක්‍රිස්තුරාජ විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ශමිල්ක දුල්ෂාන් (102) සමත් වූ අතර සහන් චතුරංග ලකුණු 81 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය ජනාධිපති විදුහල තරගය නිමා වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබා තවත් ලකුණු 26 ක් පසුපසින් සිටියේය.
ක්‍රිස්තුරාජ විදුහල පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 229
(දක්ෂික හරිෂ්චන්ද්‍ර 84, චානක සෙබෙස්තියන් 29, විමුක්ති ප්‍රභාෂන 26, තරිඳු නිර්මාල් 26, ලෝචන රවිහන්ස 77/5, සංදීප තරීන් 16/2)
ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලු දෙනා දැවී 214
(චතුරංග ඒකනායක 51, ලෝචන රවිහන්ස 55, සසිරු සිල්වා 26, සහන් චතුරංග 51/5, චානක සෙබෙස්තියන් 56/3)
ක්‍රිස්තුරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලු දෙනා දැවී 194
(ශමිල්ක දුල්ෂාන් 102, චානක සෙබෙස්තියන් 32, සංදීප තරීන් 62/7)
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී 183
(නිමේෂ් සංදීප 35, ලක්ෂිත හංසක 26, සංදීප තරින් 29, චතුරංග ඒකනායක 30, සහන් චතුරංග 30/3, චානක සෙබස්තියන් 56/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.