ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපතිවරයකු වන අසන්ත ද මෙල් මහතා පත්කර තිබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ක්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු, චමින්ද මෙන්ඩිස්, හේමන්ත වික්‍රමරත්න යන මහත්වරු පත්කර සිටිති.
ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සේවා ගිවිසුමෙන් තේරීම් කමිටු සාමාජිකත්වය ලබා සිටියි.
ක්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාෆා විසින් අද (25) පස්වරුවේ මෙම නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරන ලදී.
මෙම තේරීම් කමිටුවට පත්ව සිටින සියලුම සාමාජිකයන් මීට පෙර තේරීම් කමිටුවල කටයුතු කළ නිලධාරීන් වන අතර බ්‍රෙන්ඩන් කුරුප්පු සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු තේරීම් කමිටු රැසක කටයුතු කරමින් වැඩිම අත්දැකීම් ඇති නිලධාරීහූ වෙති.
අසන්ත ද මෙල් මහතා මීට පෙර 2012 වසරේ සිට වසරකට වැඩි කාලයක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් පැවැති තේරීම් කමිටුවේ කිසිඳු සාමාජිකයකු නව තේරීම් කමිටුවට ඇතුළත්ව නැති අතර ක්‍රීඩා අමාත්‍යවරයා අද ක්‍රීඩා අමාත්‍යංශයේදී හිටපු තේරීම් කමිටුව මුණගැසුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.