Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළුතර විද්‍යාලය අවසන් මහ තරගයට

කළුතර විද්‍යාලය අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආදි වෙස්ලි කී‍්‍රඩා සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මංචි’ සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කළුතර විද්‍යාලය අද (5 වැනිදා) සමත්විය.

පළමු වටයේ තරග වලදී හලාවත ජෝශප් වාස් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කළ ඔවුහු, අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටුව වේල්ස් කුමර විදුහලත්, අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඞ් විදුහලත් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
දක්ෂ ලෙස කී‍්‍රඩා කළ රිච්මන්ඞ් විදුහල පිට පිටම සිව්වැනි වසරටත් තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණියත්, එහිදී කළුතර විද්‍යාලය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ට අවසන් මහ තරගයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය.

ලකුණු 55 ක ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඞ් පිල අවසන්  ඕවරයේදී ලබාගත යුතුව තිබුණේ ලකුණු 13 ක් පමණක් වුවද ඒ වන විට කී‍්‍රඩාංගණයේ පැවැති දැඩි අඳුර නිසා ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි.

කණ්ඩායම් 28 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ ඉහළ කොටසේ තරග අදින් අවසන් වූ අතර දෙවැනි කොටසේ තරග සහ අවසන් මහ තරගය හෙට (6 වැනිදා) කොළඹ වෙස්ලි විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.


පළමු වටයේ පළමු දිනයේ තරග ප‍්‍රතිඵල

 

  • රිච්මන්ඞ් විදුහල (48/0) විසින් මහානාම විදුහල (46/4) කඩුලූ 5 කින් පරාජය කරන ලදී.
  • ශාන්ත පීතර විදුහල (70/2) විසින් ඞී. එස්. සේනානායක විදුහල (69/4) කඩුලූ 3 කින් පරාජය කරන ලදී.
  • කළුතර විද්‍යාලය (84/4) විසින් ජොශප් වාස් විදුහල (71/4) ලකුණු 13 කින් පරාජය කරන ලදී.
  • තර්ස්ටන් විදුහල (61/1) විසින් නාලන්දා විදුහල (60/5) කඩුලූ 4 කින් පරාජය කරන ලදී.
  • වේල්ස් කුමර විදුහල (75/3) විසින් පඥ්ඥානන්ද විදුහල (62/2) ලකුණු 13 කින් පරාජය කරන ලදී.
  • ශාන්ත පීතර විදුහල (56/1) විසින් හින්දු විදුහල (52/3) කඩුලූ 4 කින් පරාජය කරන ලදී.
  • ඞී. එස්. සේනානායක විදුහල (74/3) විසින් ධර්මාශෝක විදුහල (65/3) ලකුණු 9 කින් පරාජය කරන ලදී.
  • රිච්මන්ඞ් විදුහල (54/3) විසින් ශාන්ත සෙබස්තියන් විදුහල (53/5) කඩුලූ 2 කින් පරාජය කරන ලදී.
  • කළුතර විද්‍යාලය (97/0) විසින් තර්ස්ටන් විදුහල (74/2) ලකුණු 23 කින් පරාජය කරන ලදී.
  • වේල්ස් කුමර විදුහල (56/4) විසින් වෙස්ලි විදුහල (52/4) කඩුලූ 1 කින් පරාජය කරන ලදී.

පළමු අර්ධ අවසන් පූර්ව තරගය
කළුතර විද්‍යාලය (69/4) විසින් වේල්ස් කුමර විදුහල (57/3) ලකුණු 12 කින් පරාජය කරන ලදී.

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය
රිච්මන්ඞ් විදුහල (54/3) විසින් ශාන්ත පීතර විදුහල (40/4) ලකුණු 14 කින් පරාජය කරන ලදී.

පළමු අවසන් පූර්ව තරගය
කළුතර විද්‍යාලය (54/5) විසින් රිච්මන්ඞ් විදුහල (48/2) ලකුණු 6 කින් පරාජය කරන ලදී.

 


අදහස් (0)

කළුතර විද්‍යාලය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.