Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කවිඳු ධර්මාශෝක ජයග්‍රහණයේ නියමුවා වෙයි

කවිඳු ධර්මාශෝක ජයග්‍රහණයේ නියමුවා වෙයි

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර අම්බලන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ධර්මාශෝක විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 30 ක ඉලක්කයක් හඹාගිය ධර්මාශෝක ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ධර්මාශෝක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට රවිඳු රොෂාන්ත (71) සමත් වූ අතර ඉනිම් දෙකේදීම ලකුණු 56 කට කඩුලු 8 ක් දවාගැනීමට සමත් වූ කවිඳු නදීෂාන් ධර්මාශෝක ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ගුරුකුල විදුහලේ උදාර රවිඳු (95 සහ 86) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගැනීමට සමත් වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.


ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 58.2 කදී සියලු දෙනා දැවී 180
(උදාර රවිඳු 95, අසින්ත මල්ෂාන් 21, කවිඳු නදීෂාන් 13/3, උෂාන් නිමන්ත 13/2)

ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලු දෙනා දැවී 285  
(රවිඳු රොෂාන්ත 71, කසුන් මධුරංග 43, කවීෂ් කුමාර 24, සුභාෂ් ලසංග නොදැවී 39, සචින්ත චමිත් 92/4, පෘතුවි රූසර 35/2)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 135
(උදාර රවිඳු 86, උෂාන් නිමන්ත 43/5, කවිඳු නදීෂාන් 28/3)

ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 4.1 කදී කඩුල්ලක් දැවී 33
(කවීෂ කුමාර 21)

 


අදහස් (0)

කවිඳු ධර්මාශෝක ජයග්‍රහණයේ නියමුවා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.