ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය සඳුදා (10 වැනිදා) පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව එහි තාවකාලික සේවයන්ට ලබාදුන් කලිසම් නැවත ලබා ගැනීම පිළිබඳව පරීක්‍ෂණයක් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අද (12) පැවසීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හැටියට ඒ සේවකයන්ගෙන් නැවත ඇඳුම් ඉල්ලා සිටීම පිළිබඳව කණගාටුවෙනවා, ඒ වගේම සමාව ඉල්ලනවා. ඒක අපි දැනගෙන හිටියේ නෑ. ඒක ඉතාම පහත් වැඩක්. ඒ අය එන්නේ ක්‍රිකට්වලට ආදරේට, තරගය බලනවත් සමඟ සේවාවක් කරන්න. රුපියල් දාහටම නොවෙයි”
“පොඩි වැස්සක් ආවොත් කවර දාලා ඉක්මනට වහනවා. ඉක්මනටම ඒවා අයින් කරනවා. වහල්ලු නොවෙයි. දිස්ත්‍රිත් සහ පළාත් සංගම්වලට ඇඳුම් යවලා තියෙනවා අපි නැවත ඉල්ලලා නෑ” යැයි සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.