ලබන වසරේදී (2017) පැවැත්වෙන ජාත්‍යන්තර කරාතේ තරගාවලි 3 කදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ඔවුන් සංචිතගත කිරීමට ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය තීරණය කර තිබේ.
ජ්‍යෙෂ්ඨ ආසියානු කරාතේ ශූරතාවලිය, දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ ශූරතාවලිය එම ජාත්‍යන්තර තරගාවලි 3 යි.
පුහුණු සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තේරීම් තරගාවලියක් පෙබරවාරි මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ජනවාරි මස 7 වැනිදා පෙරවරු 8.00 සිට කොළඹ, ටොරින්ටන්හි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පුහුණුවීම් ශාලාවේදී අයැදුම් පත් බාරගැනේ.
මෙහිදී වයස 14-15, 16-17, 21 ට අඩු සහ 21 ට වැඩි යන වයස් කාණ්ඩ සඳහා දුඹුරු පටි සහ කළු පටි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තෝරාගැනීමට නියමිතය.
කළු පටි තරග සඳහා ඉදිරිපත්වන්නන් ජාතික සම්මේලන කළු පටි සහතික ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතු අතර සියලුම අයැදුම්කරුවන්ගේ අයැදුම් පත්‍ර පළාත් සභාපති සහ ලේකම් සහතික කිරීම අනිවාර්ය වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.