ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියාතික කරාතේ ශූරතාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා තේරීම් තරග මේ මස 9 වැනිදා (හෙට) සහ 11 වැනිදා ටොරින්ටන් චතුරශ‍්‍රය අසළ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ. මෙම තරග සඳහා සහභාගි වන ලෙස ශී‍්‍ර ලංකා කරාටේ සංගමය දැනුම් දෙයි.
දකුණු ආසියාතික කරාතේ ශූරතාවලිය ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී ජුනි මස 23 දින සිට 26 දින දක්වා පැවැත්වේ. මෙම තේරීම් තරග වලින් සුදුසුකම් ලබන ක‍්‍රීඩකයින්ට දකුණු ආසියාතික කරාතේ ශූරතාවලිය නියෝජනය කිරීම සඳහා ගුවන් ප‍්‍රවේශපත් නොමිලේ ලබාදීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.